ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය 18 හැවිරිදි සෙනීසා - ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුමකට තේරී පත්වෙයි

By Kanchana Jul 28, 2026 09:47 AM GMT
Report

අනාගත ඩිජිටල් තාක්ෂණය සහ STEM (විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික පියවරේ තවත් දැවැන්ත සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 200 දෙනෙකු මේ වන විට STEM අධ්‍යාපනික වැඩසටහන යටතේ සක්‍රීයව පුහුණුව ලබනු ලබයි

එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක්  ලෙසින් අතිශය තරගකාරී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව 18 හැවිරිදි සෙනීසා ගුණවර්ධන දියණිය කීර්තිමත් ShakthiSAT International Mission ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්ව ඇත

මෙම නිල වැඩසටහන 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්ව විද්‍යාලයේදී (Gautam Buddha University) පැවැත්වීමට නියමිතව තිබේ

ඒ සඳහා වන සංචාරය අගෝස්තු 21 සිට 31 දක්වා නව දිල්ලිය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබේ මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය අග්‍රාමාත්‍යතුමන් සහ ඉන්දීය ජනාධිපතිතුමිය සහභාගී වන නිල රාඡ්‍ය තාන්ත්‍රික හමු සහ රාඡ්‍ය උත්සව කිහිපයකටම නියෝජිතවරියක ලෙස සෙනීසා දියණිය සහභාගී වීමට නියමිතව තිබේ

මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ රදවන ලද සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ