චරිත් අබේසිංහ වහාම නැවතත් බන්ධනාගාරයට - හේතුව මෙන්න
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'හරක් කටා' නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) පෙරවරුවේ ඇප නියම කරන ලදී.
එලෙස ඇප නියම වීමෙන් පසු නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු නියමිත ඇප කොන්දේසි සපුරාලීමට සමත් වූ බැවින් ඔවුන් දෙදෙනා බන්ධනාගාර භාරයෙන් මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
කෙසේවෙතත්, අදාළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා නැවතත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.