රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය

Report

දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුවක් ද සහිතව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කහතුඩුවේදී ඉදි කරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන පළමු අදියරේ මාර්ග කොටස ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළදීම නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල් මත පදනම්ව, රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම සමස්ත රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර තුනකින් සමන්විත වන අතර, ඉන් පළමු අදියර කහතුඩුව සිට ඉංගිරිය දක්වාත්, දෙවන අදියර ඉංගිරිය සිට රත්නපුර දක්වාත්, තෙවන අදියර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වාත් දීර්ඝ කිරීමට නියමිතව ඇත.

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න