විනිසුරුවන්ගේ සේවා වයස දීර්ඝ කිරීම දිගුකාලීන ඉල්ලීමක්
අද 2026.07.28 අගහරුවදා පැවැති රජයේ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා අධිකරණය සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
අපි ආණ්ඩුව කරනු ලබන්නේ ජනතාවගේ අවශ්‍යතාවක් සඳහා පනත් සහ ව්‍යවස්ථා සංශෝධනය කිරීමක් ආරම්භ කිරිම බව නලින්ද ජයතිස්ස ඇමතිවරයා ප්‍රකාශ කළහ. මෙම අවශ්‍යතාවය සැහෙන කාලයක සිට පැවති බවද ප්‍රකාශ කළහ.
''2015 බලයේ හිටපු ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සංශෝධනය සඳහා හැදුවනේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක කමිටුවක්. එකේ තිබුණා අනුකමිටු හයක්. එක අනුකමිටුවක් තමා අධිකරණය සම්බන්ධ වන අනුකමිටුව. එක ඒ කාලයේ හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ. එකේ තලතා අතුකෝරළ මන්ත්‍රීතුමිය, සුමන්තිරන් මන්ත්‍රීතුමා, උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා, සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා, චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා එහෙම හිටියා. එතකොට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අධිකරණය පිළිබඳව අනුකාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා පාර්ලිමේන්තුවට. ඒ වාර්තාවේ තිබෙනවා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස 65ක් වෙන්න ඕනැ කියලා. ඒ ඉදිරිපත් කරපු වාර්තාවේ. ඒවාගේම මේ විනිශ්චයකරුවන්ගේ සේවාව අවුරුදු 70 දක්වා ලබා ගැනීමටත් ඔවුන් යම් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙන්වා ඒ අනුකමිටු වාර්තාවේ. ඒ වගේම 2016 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළා මේ ලාල් විජේනායක කමිටුවට. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවක් පත් කරලා තිබුණා. Recommendation from the Bar Association Sri Lanka කියලා. ඒ කාලයේ හිටපු සභාපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. එකේ ඉදිරිපත් කරලා තියෙනවා. එකේ තිබෙන එක, Retirement of Judges of the Supreme Court and Court of Appeal කියන එකේ තියෙනවා, The age of retirement of Judges of Court of Appeal should be 65 years. ඒ නිසා මේක මේ කාලයක් තිස්සේ මේ අධිකරණවල නඩු කටයුතු වේගවත් කිරීම සඳහා එක් එක් පාර්ශ්ව විසින් ඒ කාලයේම තමන්ගේ යෝජනා හැටියට ඉදිරිපත් කරලා සාකච්ඡාවට, සංවාදයට බඳුන් කරපු එකක්. ඔබට මං මේ කියන්නේ 2016 ලිපියකුත් මෙතන තියෙනවා. නීතිඥ සංගමය ඉදිරිපත් කරපු එකක්. ඔවුන් ඒ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු අනුකාරක සභාවකත් ඒ සම්බන්ධ යෝජනා හඳුනාගෙන තිබෙනවා.ඉතින් හැබැයි කවුරුත් ක්‍රියාත්මක කළේ නැහැ.''
[