මාලිමා ලොක්කෙකු වාහන අනතුරකට - වාහනේ තාප්පේ කඩාගෙන ගිහින් බරපතල හානි [PHOTO]
හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය අනතුරට ලක් වී ඇත.
මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති අතර ඊයේ රාත්රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.
එම අවස්ථාවේ අදාළ මන්ත්රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
