අපිට යුද්ධේ එපා - ඇමරිකාව හා ඊශ්‍රායලය ඇවිලෙයි - ජනතාව මහ පාරට - ආණ්ඩුවට විරුද්ධව විරෝධතා
ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ හයිෆා නගරවල ඉරානය සමඟ පවතින යුද්ධයට විරෝධය දක්වමින් පැවැත්වූ විරෝධතා අතරතුර පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සිවිල් සංවිධානවල කැඳවීමකට අනුව ටෙල් අවිව් නුවර ට රැස් වූ පිරිස මෙම විරෝධතාවයේ නිරත වූ අතර එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් පවා හටගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස මහජන සාමය කඩ කරමින් නිලධාරීන්ගේ උපදෙස් නොසලකා කටයුතු කළ බවත් පොලිසිය සඳහන් කරයි.
මේ අතර හයිෆා නගරයේ පැවති තවත් විරෝධතාවයකදී පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී ඇත.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ විරෝධතා ආරම්භ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර ඇති බව වාර්තා වේ . ඇමරිකාව පුරා ස්ථාන 3000ක විරෝධතා ආරම්භ වී ඇති බවත් තවත් ලක්ෂ ගණනක පිරිසක් මෙම විරෝධතාවන්ට එක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ‘No kings’ ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම විරෝධතාව ලෙස සැලකෙයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර, මේ වන විට ඉරානයේ එවකට උත්තරීතර නායකයාව සිටි අයතුල්ලා අලි කමේනි ඇතුළු පුද්ගලයින් 1,340 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
ඉරානය ද ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ඇතුළු කලාපීය රටවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එමඟින් යටිතල පහසුකම්වලට මෙන්ම ගෝලීය ගුවන් සේවා හා වෙළඳපොළට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.
මේ අතර, ඊශ්‍රායල රජය පැහැදිලි උපාය මාර්ගයකින් තොරව හමුදාව බහු පෙරමුණු යුද්ධයකට යොමු කර ඇති බවට එරට විපක්ෂ නායකයින් චෝදනා කරති. ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා ද අනතුරු අඟවා ඇත්තේ මෙම යුද්ධය හමුවේ හමුදාව අභ්‍යන්තරිකව බිඳවැටීමේ තත්ත්වයකට පත්ව ඇති බවයි. යුද්ධයේ පළමු දින 20 තුළ පමණක් ඊශ්‍රායල හමුදාවට ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ද වාර්තා වේ.