ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳ දැනුම්දීමක්.

By Wayomi Dec 01, 2024 07:05 AM GMT
Report

පාසල් සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාසල් සංවර්ධන නිලධාරී සංගම් කිහිපයක නියෝජිතයන් පිරිසක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමු වී තිබෙනවා.

ඒ, අනුව එහි දී සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශ්වයේම අදහස වී ඇත.

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

මෙහිදී තරග විභාගයක් පවත්වා බඳවාගැනීම් සිදු කළ යුතු බවත් එහි දී වයස් සීමාව උපරිම අවුරුදු 45 දක්වා සලකා බැලීමට හැකි බවත් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවට ලේකම්වරයා පොරොන්දු වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ඉතා කඩිනමින් මෙම ගැටලු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව යන අය සහභාගී වී ඇත.

එතකොට AI නෙවෙයිද? - "පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කළා." අනුයි කනුයි මාධ්‍ය ඉදිරියේ පෙම්වතාගේ සියල්ල හෙළි කරයි. - (VIDEO)

එතකොට AI නෙවෙයිද? - "පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කළා." අනුයි කනුයි මාධ්‍ය ඉදිරියේ පෙම්වතාගේ සියල්ල හෙළි කරයි. - (VIDEO)

අදානිගේ මන්නාරම් සුලං විදුලි බලාගාරය ජනපති අනුර තීරණයක් ගනී.?

අදානිගේ මන්නාරම් සුලං විදුලි බලාගාරය ජනපති අනුර තීරණයක් ගනී.?



You may like this