18ට වැඩි සෑම අයෙකුටම ලැබෙන බදු අංකය ගැන රජයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.
මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බදු අංකයක් (TIN) ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම හරහා 18වැඩි සෑම පුද්ගලයෙකුම ආදායම් බදු ගෙවිය යුතු බවට අදහස් නොවන බවයි.
ඒ බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, 18 ට වැඩි අයෙකු ආදායම් බදු ගෙවිය යුත්තෙකු බවට පත්වන්නේ ඔහු වාර්ෂිකව රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන්නේ නම් පමණක් ය.
කෙසේ වෙතත්, පෙබරවාරි පළමුවනදා සිට 18ට වැඩි සෑම පුද්ගලයෙකුම ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවක දී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ දී, බලපත්‍රයක් අලුත් කිරීමේ දී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.