අලුත් අවුරුද්දට මුදල් දෙන අසත්‍ය ප්‍රචාරයකට ඔබත් රැවටුනාද?

By Shehan Apr 12, 2025 01:24 AM GMT
Report

විගමණික ශ්‍රමිකයින්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු.10,000.00ක මුදලක් ලබාදෙන බවට විදේශ රටකින් ක්‍රියාත්මක වන YouTube නාලිකාවක් හරහා සිදුකරන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාර්යාංශය පවසයි.

එම වීඩියෝව මගින් විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක් දිවයිනේ ඕනෑම කාර්යාංශ කාර්යාලයකට යොමු කරන ලෙස දන්වා ඇතත්, කාර්යාංශය විසින් එවැනි නිවේදනයක් කිසිදු අවස්ථාවක නිකුත් කර නොමැති බවත්, මෙම වංචනික ක්‍රියාවලියට හසු නොවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

මෙවැනි වැඩපිළිවෙළක් කාර්යාංශය මගින් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර, මෙය විගමණික ප්‍රජාව රැවටීමේ අරමුණින් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය අවධාරණය කරයි. එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් කාර්යාංශය විගPrecisionමණික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම, රජයේ නිල නිවේදන ප්‍රචාරය සඳහා සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති බවත්, ඉදිරියේදී මෙවැනි වංචාකාරී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

සිංහල අවුරුදු උදාවත් සමඟ ඔබේ ලග්නයේ සිදු වන හාස්කම් ටික මෙන්න!

සිංහල අවුරුදු උදාවත් සමඟ ඔබේ ලග්නයේ සිදු වන හාස්කම් ටික මෙන්න!

කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, YouTube, සහ TikTok යන මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවද කාර්යාංශය සඳහන් කරයි.  

බිරිඳට හා දියණියට පොරෝ පහරදුන් සැමියා ගෙල වැලලාගෙන මරුට

බිරිඳට හා දියණියට පොරෝ පහරදුන් සැමියා ගෙල වැලලාගෙන මරුට