බිරිඳට හා දියණියට පොරෝ පහරදුන් සැමියා ගෙල වැලලාගෙන මරුට

Police spokesman Kegalle Murder Latest Headlines Sinhala news
By Akash Apr 11, 2025 05:22 PM GMT
Akash

Akash

Report

වයසට ගියත් තමන්ගේ මොලය නොමේරු පුද්ගලයෙකු සිදු කල ප්‍රහාර හේතුවෙන් සිදුවූ විශාල හානියක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වන්නේ කෑගල්ල දැදිගම ප්‍රදේශයෙන්. එහි වැඩි විස්තර පහත දැක්වෙනවා.

දැදිගම පොලිස් වසමට අයත් මැණික්කඩවර ප්‍රදේශයේදී සැමියා විසින් බිරිඳට හා තම දියණියට පොරවකින් පහරදී ඔහුද ගෙල වැලලාගෙන ගෙන 10 දා සියදිවි හානි කරගෙන ඇති බවත් බිරිඳ හා දියණිය බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බවත් දැදිගම පොලිසිය පවසයි.

බුලත් අත සහ එහි සැඟවුණු අර්ථය...!!!

බුලත් අත සහ එහි සැඟවුණු අර්ථය...!!!

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිටවල මැණික්කඩවර ලිපිනයේ පදිංචි 78 හැවිරිදි පස්දරු පියෙකු වන අතර පහරකෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ 72 හැවිරිදි බිරිඳ හා මරණකරුගේ 51 හැවිරිදි අවිවාහක වැඩිමහල් දියණියයි. පහරකෑමට ලක්ව රෝහල් ගතකළ බිරිඳ හා දියණිය ඊයේ (10 දා) අලුයම අසල්වැසියන් විසින් පල්ලේගම ග්‍රාමීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කළද පසුව ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දියණිය සැත්කම් කීපයක් සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ මරණකරු, ඔහුගේ බිරිඳ සමග දියණියන් දෙදෙනෙකු හා මිනිබිරියක සිට ඇත. මරණකරු නිවසේ ඉදිරිපස සියලුම දොරවල් සුරක්ෂිත ලෙස අගුළු දමා පසුව මුළුතැන්ගෙයි දොර ලණු දමා බැඳ අලුයම 1.30ට පමණ නිවසේ කාමර තුළ නිදා සිටි බිරිඳට හා අවිවාහක දියණියට පොරවෙන් කොටා අනෙක් කාමරයේ සිටි දියණියට හා මිනිබිරියට පොරවෙන් පහර දීමට සූදානම් වූ අවස්ථාවේදී එක්වරම අවදි වූ මිනිබිරිය මහා හඬින් කෑ ගසා ඇති අතර පසුව ඇයගේ මවද අවදි වී තම පියාගේ ග්‍රහයෙන් මිදී දුවද එළියට දිව ගොස් කෑගැසීම නිසා අසල්වාසීන් එම ස්ථානයට පැමිණ ඇත.

ඉන් පසුව එතැනට පැමිණි පිරිස තුවාලකරුවන් රෝහල් ගතකර ඇති අතර පසුව මඳ වේලාවකින් සිය පියාද මුළුතැන්ගෙයි බාල්කයක ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන සිටි බව මරණකරුගේ ග්‍රහයෙන් මිදී නිවසින් එළියට පැමිණි දියණිය පොලිසියට පවසා ඇත.

ස්පා කෙල්ලගේ ප්ලැන... ආදරය මරණයෙන් අවසන්...!!!

ස්පා කෙල්ලගේ ප්ලැන... ආදරය මරණයෙන් අවසන්...!!!

සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි වරකාපොළ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය පැමිණ සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයෙන් පසුව මරණකරුගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙසත් ඉන්පසුව දේහය ඥාතීන් වෙත භාරදෙන ලෙසත් දේහය ආදාහනය නොකර භූමදානය කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දැදිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් දංගල්ල මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.

ReeCha