ඡන්දදායකයින්ට දැනුම් දීමක්

By Hashini Apr 30, 2025 04:12 AM GMT
Report

තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි.

ඒ අනුව තැපැල් හෝ උප තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා වැඩි දුරටත් පැවසුවේ අද සිට පලාත් පාලන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මැයි 6 දා පස්වරු 4.00 දක්වා තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවයි. 

සමහර විදුහල්පතිවරුන් අපි කියන දේ අහන්නේ නෑ ....අගමැතිනිය කියයි

සමහර විදුහල්පතිවරුන් අපි කියන දේ අහන්නේ නෑ ....අගමැතිනිය කියයි