අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට ආවේ නැත්තම් වහාම දන්වන්න - විශාල වංචාවක් ගැන දන්වයි

Report

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු මුදල් වංචාවක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (31) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ එම අංශයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට මුදල් බැර නොකර එම නිලධාරින්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය මඟින් කළ විමර්ෂණයකින් අනතුරුව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් විසින් හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මතයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මේ අයට මහජන බැංකුවෙන් වන්දි

ඒ අනුව 2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර තිබෙන බවත්, මෙම වංචා කළ මුදල මීට වඩා වැඩි වන්නට ඇති බවත්, ඒ වෙනුවෙන් එම කාර්යාලයේ තවත් නිලධාරින්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිළිබඳව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මඟින් විමර්ෂණය කරයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් තම අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට නොලද බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දිමෙන් අනතුරුව ඒ පිළිබඳව සිදු කරන ලද මූලික විමර්ෂණයේදි මෙම මුදල් වංචාව අනාවරණය වි ඇති බව සඳහන්.

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට මඟ බලන් හිටපු කඩඉම් ලකුණු නිකුත් කරයි - අවම Z-අගයන් මෙන්න

2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට මඟ බලන් හිටපු කඩඉම් ලකුණු නිකුත් කරයි - අවම Z-අගයන් මෙන්න

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...