නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් නතර කළේ ඇයි මෙන්න ඇත්ත කතාව
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා දමා ඇති බව විදුලි බල මණ්ඩල ඉහළ නිලධාරියෙක් සදහන් කර තිබේ.
මෙලෙස එම නිළධාරීවරයා ප්‍රකාශ කරන්නේ නඩත්තු කටයුතුවලට නවතා ඇත්තේ ලක්විජය බලාගාරයේ පළමු හා දෙවන අදියර ජනන යන්ත්‍ර බවයි.
ඒ වගේම මෙම ඒකකයේ ජනන යන්ත්‍රය මාසයකට පෙර නවතා එහි නඩත්තු කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බව වාර්තා වේ .
එම වැසි කාලයත් සමඟ සාමාන්‍ය වාර්ෂික නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා දමන බවත් සාමාන්‍ය ලෙස අලුත්වැඩියා කටයුතු සිදුකරන බව පවසා ඇත .
ඒ වගේම පළමු අදියරේ ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි කටයුතු මේ වනවිට නැවතී ඇති බවත් වාර්තා වේ.
එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ලක්විජය ඉංජිනේරුවන් තම දායකත්වය දක්වමින් කටයුතු කරමින් ඇති බව විදුලි බල මණ්ඩල ඉහළ නිලධාරිවරයා සදහන් කර තිබේ.
මේ හේතුවෙන් ලක්විජය බලාගාරයෙන් රටේ සමස්ත විදුලි අවශ්‍යතාවට ලබා දුන් මෙගාවොට් 900ක ධාරිතාවෙන් 600ක් නැවතී යන බවත් නමුත් මේ දිනවල ජලාශ පිරී තිබීමත් සමඟ ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවද නිළධාරිවරයා ප්‍රකාශ කරයි.