ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි [UPDATE]

Report

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරන ජනන යන්ත්‍ර 2ක ජනවාරි මස 14 වන දින සහ ජනවාරි 18 වන දින ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. අඳාළ නිවේදනයේ සඳහන් වන්නේ අංක 2 ‘B’ ජනන යන්ත්‍රය 2026 ජනවාරි මස 14 වන දින ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි.

විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ වර්තමානය වන විට අදාළ ජනක යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් අදියරෙහි පවතින අතර එහි නියමිත තත්ත්ව පරීක්ෂණ කටයුතුවලින් පසුව ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවයි.

ආයෙත් පැය ගාණක් ලයිට් කපයි ද? - විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්

ආයෙත් පැය ගාණක් ලයිට් කපයි ද? - විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්

ඊට අමතරව ජනක යන්ත්‍ර අංක 1 ට අයත් බොයිලේරුවේ හදිසියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම යන්ත්‍රයද, 2025 දෙසැම්බර් මස 20 දින ආරක්ෂිතව නවතා දැමීමට සිදුව තිබෙනවා.

දැනට එහි වූ දෝෂයන් නිවැරදි කිරීමේ නඩත්තු කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර එම යන්ත්‍රයද යථාවත් කර 2026 ජනවාරි මස 18 පමණ වන විට ජාතික පද්ධතිය හා එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුව වන බව දක්වයි.

කෙසේ වෙතත් මෙය අඛණ්ඩව විදුලිය සැපයීමට බාධාවක් නොවන බවට ලංකා විදුලිබල මණ්ඩලය ‍දන්වයි.    

ජාතික විදුලි ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භයි මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් අදහස් දෙන්න

ජාතික විදුලි ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ආරම්භයි මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් අදහස් දෙන්න

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම් දීමක්

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම් දීමක්