“රටේ රාජ්‍යයන් දෙකකට ඉඩ නැහැ" - ජනපතිගේ දැඩි ප්‍රකාශය
මෙරට තුළ රාජ්‍යයන් ද්විත්වයක් තිබිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජයේ නව වැඩපිළිවෙළ වන ‘රටම එකට - ජාතික මෙහෙයුම’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ජනතාවගේ ප්රජාතන්ත්රවාදී බලයෙන් පිහිටුවන ලද රාජ්‍යයක් පමණක් තිබිය යුතු බව පැවසීය.
එමෙන්ම කළු රාජ්‍ය මුළුමනින්ම විනාශ කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා පොලීසිය, බුද්ධි අංශ, හමුදාව, රේගුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩනැගෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.