බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]
බන්ධනාගාරගත වන පිරිසෙන් 64%ක් මත්ද්‍රව්‍ය වැරදිවලට හසු වූවෝ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ ‘රටම එකට – ජාතික මෙහෙයුම’ නම් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩපිළිවෙළේ **සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
උත්සවයට ආගමික නායකයන්, මහජන ආරක්ෂක කමිටු, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ විදේශ තානාපතිවරු 50 දෙනෙක් සහභාගී වූහ.
රනිල් මරණාසන්නව ඉන්නවා කියලනේ කිව්වේ? එහෙනම් කොහොමද සෙල්ෆි ගැහුවේ? පහුවදාම දැඩි සත්කාරෙන් ගෙදර ගියේ? පොත් කියෙව්වේ?
“මෙරට තරුණ ප්‍රජාවත්, පාසල් ළමුන්ගේ ජීවිතත් අවධානමට ලක් කරන විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ ජාවාරම මුලිනුපුටා දැමීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.”
– ජනාධිපති අනුර කුමාර දිසානායක
මෙම ජාතික මෙහෙයුම තුළින් ප්‍රජාව, ආගම, ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර සහයෝගය එක්කර මත්ද්‍රව්‍ය ජාල බිඳ හෙළීමට රජය තීරණාත්මක පියවර ගෙන ඇත.