ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි

Report

වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ තීරෝද රථ පදවන විදේශිකයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා මෙන් සියලුම පොලිස් ස්ථාන වෙත කොළඹ රථ වාහන මූලස්ථානය නියෝග කර ඇති බව සඳහන්.

ඒ අනුව ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තිබුණද රියදුරු බලපත්‍රයේ අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවසර නොමැති නම් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික තීරෝද රථ රියදුරු බලපත්‍රය නිකුත් නොකරනු ඇත.

මෙරටට පැමිණෙන විදේශිකයන්ට අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවශ්‍ය නම් මෝටර් රථ දෙපාර්තමේන්තුව ඔස්සේ තාවකාලික ත්‍රී රෝද රථ බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාවක් පවතී.

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එසේම ඉකුත් දින ලිංගික හිංසනයක් වූ ස්විස්ටර්ලන්ත කාන්තාවට ත්‍රීරෝද රථ පැදවීමට අවසර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇතැම් ත්‍රීරෝද රථ හිමියන් වලංගු තීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැති විදේශිකයන්ට කුලී පදනම මත ත්‍රීරෝද රථ ලබා දෙන බවටද තොරතුරු වාර්තා ලැබී ඇත.

ඔවුන්ට විරුද්ධව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා ප්‍රකාශ කර ඇත.

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

බස්නාහිර පළාතේ දූෂණ හා මත්ද්‍රව්‍ය ඔත්තු දෙන්න නව දුරකථන අංකයක්

බස්නාහිර පළාතේ දූෂණ හා මත්ද්‍රව්‍ය ඔත්තු දෙන්න නව දුරකථන අංකයක්