විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලුවට තවමත් නිසි විසඳුම් නැහැ ...

By Parami Dissanayake May 14, 2024 09:59 AM GMT
Report

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මතවීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

ඊයේ (13) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අඩංගු කරුණු සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීමට එහිදී තීරණය වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබේ.

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය දුන්නු තීරණය මෙන්න.

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය දුන්නු තීරණය මෙන්න.


කෙසේවෙතත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසන්නේ , සිය ගැටලුවට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇති බව ය.