විශේෂ නිවේදනයක්, මීට පස්සේ මේ අයට ලයිසන් ගන්න බාධාවක් නෑ
ශ්‍රී ලංකාවේ ආබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට තිබූ බාධාවන් ඉවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අද (20) දින ප්‍රකාශ කළා.
ඒ අනුව ඔහු සඳහන් කළේ ශ්‍රවණ හෝ කථන ආබාධ සහිත පුද්ගලයින්ට මෙන්ම අර්ධ වශයෙන් පෙනීම දුර්වල අයටද නව විධිවිධාන යටතේ රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. ශ්‍රී ලංකාවේ සිටින මිලියන 1.6කට අධික ආබාධිත පුද්ගලයන්ගේ සංචරණ අයිතිවාසිකම් තහවුරු කිරීමට මේ පියවර ගත් බවත් එය වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවන්වල ප්‍රතිඵලයක් බවත් ඔහු සඳහන් කළා.
එසේම මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ මෙවැනි පිරිස්වල විවිධ ශාරීරික තත්ත්වයන්ට ගැළපෙන වෛද්‍ය සහතික නිකුත් කිරීම් සහ වාහන නවීකරණයන් නොමැති වීම ගැටළුවක් බවයි.
මෙම කණ්ඩායම්වලට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන අභියෝගයක් බවද ඔහු එය දක්වයි.
මේ අතර 400,000කට අධික පිරිසක් වන ශ්‍රවණ හා කථන ආබාධ සහිත පුද්ගලයන් මේ වන විටත් ආරක්ෂිත රිය පැදවීමේ හැකියාව පෙන්නුම් කර ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් මෙම නව තීරණය ඔවුන්ගේ සංචරණ අයිතිය සහ ස්වාධීනත්වය පිළිගැනීමක් බව මන්ත්‍රීවරයා පවසයි.
එසේම මේ අනූව මාර්ග ආරක්ෂාවට බාධාවක් නොවන ලෙස මෙම ක්‍රියාවලිය විධිමත් කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව, ප්‍රවාහන අමාත්‍යාංශය සහ අදාළ පාර්ලිමේන්තු උපදේශක කමිටු එක්ව දැනටම කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.