නිපා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ නීපා වෛරසය වැළඳුණු හෙදියන් දෙදෙනාගේ ආශ්‍රිතයින් 196 දෙනෙකු සියලුම ආකාරවලින් පරීක්ෂණ කළද අලුතින් කිසිදු ආසාදිතයකු හමුවී නොමැති බවයි.
මේ දක්වා ප්‍රදේශයෙන් අලුතින් කිසිදු නිපා රෝගියෙකු හමු වී නොමැති අතර, බලධාරීන් විසින් වත්මන් තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
අදාළ හෙදියන් දෙදෙනාට නිපා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු, මධ්‍යම සහ ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අංශ විසින් රෝග නිරීක්ෂණ කටයුතු, රසායනාගාර පරීක්ෂණ සහ ක්ෂේත්‍ර විමර්ශන කටයුතු තවදුරටත් ශක්තිමත් කර ඇත.
මෙම ආසාදිතයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 196 දෙනෙකු හඳුනාගෙන, ඔවුන්ව සොයාගෙන නිරීක්ෂණයට සහ පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම සියලුම ආශ්රිත පුද්ගලයින්ගෙන් රෝග ලක්ෂණ කිසිවක් මතු වී නොමැති අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට නිපා වෛරසය ආසාදනය වී නොමැති බවයි. මෙම වෛරසයද පලතුරු වවුලන් වැනි සතුන්ගෙන් හමුවන බවට සොයාගෙන ඇත.