ළමුන් අතර HIV රෝගය ඉහළට - භයානක තත්ත්වයක්
පාකිස්තානයේ සෞඛ්‍ය අංශය විසින් එරට සින්ද් ප්‍රාන්තයේ ළමුන් අතර HIV රෝගීන් ඉහළ යාම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ. එරට මාධ්‍ය වාර්තා කරන්නේ, මේ පිළිබඳව පකිස්තාන වෛද්‍ය සංගමය “ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක්” නිකුත් කර ඇති බවයි.
පකිස්තාන වෛද්‍ය සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් ඉල්ලා ඇත්තේ මෙය සැහැල්ලුවට ගත නොහැකි අනතුරු ඇඟවීමක් බවත්, ව්‍යාජ සායන සහ නීති විරෝධී රුධිර බැංකු මර්දනය කිරීමත් සමග ආසාදන පාලන පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්ය.
පාකිස්තාන වෛද්‍ය සංගමයට අනුව සින්ද් පළාතේ ලියාපදිංචි HIV ධනාත්මක දරුවන් සංඛ්‍යාව 3,995ක් හදුනාගෙන ඇති අතර මෙම ඛේදවාචකය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පමණක් නොව එය රටේ සමාජ ආර්ථික යහපැවැත්මට පූර්ණ තර්ජනයක් බව වාර්තා වේ.
ශ්‍රී ලාංකික මව්පියන්ද දරුවන්ට අනාරක්ෂිත ස්ථාන වලින් ආහාර මිලදී ගැනීම අනාරක්ෂිත ලෙස දරුවන්ව ගමන් යැවීම ආදී අනතුරුදායක ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම සුදුසු වේ. ඒඩ්ස් රෝගියකුගේ රුධිරය ශරීර ගතවීම තුළින් ලිංගික සබදතාවයකින් තොරව වුවද රෝගය වැළදීමේ අවදානම ඇත. එබැවින් තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරගැනීම අත්‍යාවශ්‍ය සමාජ වගකීමකි.