සෞඛ්‍ය සේවකයින්ට නිවාඩු නෑ - රජයෙන් දැඩි තීරණයක්

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු හේතුවෙන් නවක බඳවා ගැනීම සීමා කර ඇති බැවින්, විදේශීය හා දේශීය නිවාඩු තාවකාලිකව අත්හිටුවීමට ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

නිවාඩු හේතුවෙන් අත්‍යවශ්‍ය රාජකාරි පවත්වාගෙන යාම අපහසු බවද එහි සඳහන්. පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ලබාදුන් වසර පහක විදේශ නිවාඩු අවලංගු කර ඇති අතර, දැනට එම නිවාඩුවල සිටින සේවකයන්ට කාලය දීර්ඝ නොකරන බව අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බඳවා ගැනීම් සීමා කරයි

ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, විදේශගත සෞඛ්‍ය සේවකයන් යළි කැඳවීමටත්, ඔවුන්ට පහසුකම් සැලසීමටත් පියවර ගන්නා බවයි. කෙසේ නමුත්, සමස්ත ලංකා හෙද සංගමය මෙම තීරණය "අත්තනෝමතික" ලෙස හඳුන්වමින්, එය රෝහල් පද්ධතිය බිඳවැටීමට හේතුවන බව පවසයි.

2024දී විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා හෙදියන් 1118ක් විදේශ ගතවී ඇති අතර, බොහෝ දෙනා නිවාඩු හෝ නොදන්වා සේවය හැර ගොස් ඇතැයි සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි කියයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න