ඉන්ධන ලබා ගන්න එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Report

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කරන්නේ ඉන්ධන ලබාගැනීමට පෝලිමට පිටින් පැමිණෙන කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බවයි.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සමහර රියදුරන් පෝලිමට පිටින් ඉන්ධන ලබාගැනීමට යෑමේදී කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවයි.

එනිසා පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන ලබා නොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසිය දැනුවත් කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළා.

මේ අයගේ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචිය - ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්

මේ අයගේ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචිය - ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්

මේ අතර සමහර යතුරුපැදිකරුවන් පදිකවේදිකාවේ සිටීම නිසා පදිකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය යොදවා ඇති බව ද පවසයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලුම රියදුරන්ට ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

හෙට උදේ වෙද්දි ලංකාවට සුබ ආරංචියක් - සියලුම QR ප්‍රශ්න ඉවරයි - විශේෂ දැනුම්දීමක්

හෙට උදේ වෙද්දි ලංකාවට සුබ ආරංචියක් - සියලුම QR ප්‍රශ්න ඉවරයි - විශේෂ දැනුම්දීමක්

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ