අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයට මේකයි වෙන්නේ - හරිනි කරන්නේ පවර්පොයින්ට් ප‍්‍රසන්ටේෂන් එකක්

Report

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අවසන් ලියවිල්ලක් හෝ නිශ්චිත යෝජනා සමුච්චයයක් මෙතෙක් සකස් කර නොමැති බව සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

වාහන ආනයනය සීමා වෙයිද? මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

වාහන ආනයනය සීමා වෙයිද? මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

හෙට (24) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවාදය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙය සඳහන් කළේය.

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

අද වන තෙක් අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කර ඇත්තේ පවර් පොයින්ට් සටහන් වැනි ඉදිරිපත් කිරීම් පමණක් වන අතර, එම මත පදනම්ව වත්මන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද ඔහු පැහැදිලි කළේය.

මෙවැනි ප්‍රතිසංස්කරණයන් සකස් කළ යුත්තේ අධ්‍යාපන විශේෂඥයන්, විෂය පර්යේෂකයින් සහ විවිධ සමාජ කණ්ඩායම්වල අදහස් සහ දායකත්වය මත පදනම්ව බවද ඔහු අවධාරණය කළේය.

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදුන්ේ, මෙවැනි වැදගත් ප්‍රතිසංස්කරණයක් පිළිබඳව විවාදයක නිරත වීමට පෙර, මන්ත්‍රීවරුන්ට නිශ්චිත ලියවිල්ලක් හෝ යෝජනා සටහනක් ලබාදිය යුතු බවත්, තවදුරටත් එවැනි ලියවිල්ලක් සපයා නොමැති බවත් ය.