'ගල් අඟුරු හොරකම හින්දා හිතාගන්න බැරි විදිහට විදුලි බිල වැඩිවෙන කොට විසඳුම් දෙන්නෙ දුප්පත් අහිංසක මිනිසුන්ගෙ බඩට ගහලා '' හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා කියයි
මේ ආණ්ඩුව ජනතාවට කියනවා වීදි ලාම්පු නිවන්න කියලා නමුත් මේ ආණ්ඩුව තමන්ගේ රාජ්‍ය ආයතන පරිශ්‍ර වල දල්වන ලයිට් ටිකවත් නිවන්න තාමත් අසමත් වෙලා තියෙනවා යැයි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සදහන් කර තිබේ.
ඇය මෙලෙස අදහස් දැක්වූයේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් විශේෂ නියෝගයක් - අප්‍රේල් 10 ට පසු කල් නොදෙන බවත් දන්වයි
ඒ වගේම එතුමිය තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
" මේ ආණ්ඩුව හවස 6යි 10යි අතර වීදි ලාම්පු වහන්න කියලා. ඒකත් වැඩපිළිවෙළක් නැහැ රටේ ජනතාවට කියනවා වීදි ලාම්පු 6න් පස්සේ නිවන්න කියලා. දැන් 6න් පස්සේ ඇත්තටම වැඩ කරන්නේ මේ රටේ දුප්පත් අසරණ මධ්‍යම පාන්තික හා එදා වේල වැඩ කරන විශේෂයෙන් ගාමන්ට්වල ළමයි. මේ අවුරුදු දවස් වල ඕටි වලට වැඩ කරනවා. ඒ අය තමයි රෑට තනියෙන් කළුවරේ එන්නෙ.
මම දැක්කා ඊයේ රෑත් නෙළුම් කුලුනේ ලයිට් පත්තු වෙනවා. රාජ්‍ය ආයතනවල පරිශ්‍රයේ තියෙන සියලු ලයිට් පත්තු වෙනවා. දැන් මේ ආණ්ඩුව කොච්චර අසමත්වෙලා තියෙනවද තමන්ගේ පාලනය යටතේ තියෙන ලයිට් ටිකවත් නිවන්න. මේ ආණ්ඩුව ජනතාවට කියනවා විදි ලාම්පු නිවන්න කියලා.
ඒ මදිවට මේ ආණ්ඩුවේ ඒ ගොල්ලන්ගේ රූපවාහිනී සේවාවල ප්‍රචාරය කරනවා නුවර එළියේ සැණකෙළියට එන්න කියලා. එනකොට නුවර එළියේ සැණකෙළිය තියන්නේ ලයිට් වලින්නේ. හැබැයි ජනතාවට කියනවා 100කට වැඩිය උත්සව ගන්න බැහැලයිට් දෙන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුවේ කැත ජරා ප්‍රතිපත්තිය මොකක් ද කියලා කියන්න. තාම ප්‍රතිපත්තියක් තියෙනවද මේ ආණ්ඩුවට.
මොකක් හරි ප්‍රශ්නයක් මැද්දේ ගල් අඟුරු හොරකම හින්දා මේ රටේ හිතාගන්න බැරි විදිහට විදුලි බිල වැඩිවෙන කොට මේකට විසඳුම් දෙන්නෙ දුප්පත් අහිංසක මිනිසුන්ගෙ බඩට ගහලා. දුප්පත් අහිංසක මිනිසුන්ගෙ ඔළුවට ගහලා. හැබැයි මේ ආණ්ඩුවට කරන්න පුළුවන් වැඩ ටිකවත් ඒක ක්‍රමානුකූලව කරන්න මේ ආණ්ඩුව අසාර්ථක වෙලා තිබෙනවා. ''