හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් විශේෂ නියෝගයක් - අප්‍රේල් 10 ට පසු කල් නොදෙන බවත් දන්වයි

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් මෙම අප්‍රේල් 10 දාට පෙර ලබා දෙන මෙන් නියම කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් විශේෂ දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සහ බැරකම් පිළිබඳව වර්ෂ 2015 දි ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබා දෙන මෙන් අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂ මහතාට නියම කර ඇති බව සඳහන්.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගිය කෘතියෙන් විපක්ෂය කැළඹෙයි - උත්සවය අතරමැද වෙච්චි දෙයින් කට්ටියම නැගිටලා යයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගිය කෘතියෙන් විපක්ෂය කැළඹෙයි - උත්සවය අතරමැද වෙච්චි දෙයින් කට්ටියම නැගිටලා යයි

අඳාළ ලිපියෙන් වර්ෂ 2010 සිට 2015 දක්වා කාලය තුළ රාජපක්ෂ මහතා සහ පවුලේ අයට අදාළ වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු සපයන මෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මේ විමර්ශනය බොහෝ කල්ගතවී ඇති බැවින් අප්‍රේල් මස 10 න් පසු අවශ්‍ය තොරතුරු සැපයීමට තවත් කල් ලබා නොදෙන බවත් සඳහන් කර තිබෙන බව සඳහන්.

රනිල්ව බලලා ආපු වජිර හදිස්සියේම මෙරට තානාපතිවරුන් හමුවුණ හේතුව

රනිල්ව බලලා ආපු වජිර හදිස්සියේම මෙරට තානාපතිවරුන් හමුවුණ හේතුව

සාධාරණ හේතු නම් සාකච්ඡා කරන්න පුළුවන් ඒත් මේක පදනමක් නැති වර්ජනයක් - ඇමති නලින්දගෙන් සැර ප්‍රකාශයක්

සාධාරණ හේතු නම් සාකච්ඡා කරන්න පුළුවන් ඒත් මේක පදනමක් නැති වර්ජනයක් - ඇමති නලින්දගෙන් සැර ප්‍රකාශයක්