නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

Report

මේ වනවිට ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් නිපා (Nipah) වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඇත. ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ තායිලන්තය, නේපාලය සහ තායිවානය වැනි රටවල ගුවන් තොටුපළවල් සිය සෞඛ්‍ය පරීක්ෂණ සහ පූර්ව ආරක්ෂණ ක්‍රමවේද දැඩි කර ඇත.

මෙය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයක් වන අතර, වසංගත තත්ත්වයක් ඇති කිරීමේ හැකියාව සහිත ප්‍රමුඛ පෙළේ වෛරසයක් ලෙස මෙම නිපා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නම් කර ඇත.

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න

අවදානමට කරුණ නම් නම් මෙම වෛරසය සඳහා මෙතෙක් සාර්ථක එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයාගෙන නොමැති අතර මෙම වෛරසයේ ආසාදිත මරණ අනුපාතය 40% සිට 75% දක්වා ඉහළ මට්ටමක පවතී.

අදාල වෛරසය පිළිබදව මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත. මේ වනවිට ආසියානු කලාපයේ රටවල් කිහිපයකම වෛරස් මර්දන නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති අතර මෙරට සෞඛ්‍ය අංශ ද පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි.

එමෙන්ම අදාල වෛරසය පිළිබදව නිරන්තර විමසිල්ලෙන් පසුවන බවත්, අවශ්‍ය පූර්ව ආරක්ෂණ පියවර දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් තොරතුරු වාර්තා වේ.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, "ශ්‍රී ලංකාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර කලාපීය තත්ත්වය ඉතා සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කරනවා.

දැනට මෙරටට සෘජු තර්ජනයක් නැතත්, ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ ඉදිරි වර්ධනයන් මත පදනම්ව අවශ්‍ය වුවහොත් ඉදිරි පියවර ගැනීමට අප සූදානම්," ලෙසයි.