බලා ගෙන හිටපු වන්දිය ගැන සුබ ආරංචියක් - ලබන් 27 මේ අයට මුදල් ගෙවන බව දන්වයි

Report

නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය නිසා වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් ගෙවීම ලබන 27 වැනි දින සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතුවීම වැළැක්වීමට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල් වලා ගඟ ආශ්‍රිතව විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් කරදිය බාධකයක් ඉදිකිරීමට කටයුතු කළා.

එම කරදිය බාදකය නිසා 2019 වර්ෂයෙන් අනතුරුව සෑම වර්ෂයකම වර්ෂාව නිසා ජල ගැලීම් ඇති වී වගා හානි වාර්තා වී ඇත. එහිදී විශේෂයෙන්, මාතර දිස්ත්‍රික්කයේ මඩිහගොඩගම, කැකණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ, මැදඋයන්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශ ඇතුළුව සෙසු ප්‍රදේශ තුළ පිහිටි වගා බිම් මෙසේ වගා කිරීමට නොහැකි තත්ත්වයට පත් වී තිබෙන බව සඳහන්.

මේ නිලධාරිනියන්ට සුබ ආරංචියක් - ජනවාරියේ වැටුප් වැඩිවීමක්

මේ නිලධාරිනියන්ට සුබ ආරංචියක් - ජනවාරියේ වැටුප් වැඩිවීමක්

එම ගැටලුවට අඳාළව ගොවීන් සහ ගොවි සංවිධාන විසින් අඛණ්ඩව අදාළ ආයතන දැනුවත් කර තිබෙන අතර ඒ අනුව, 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අනුක්‍රමික කන්න 07 ක් වෙනුවෙන් වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2019 යල කන්නය, 2019/20 මහ කන්නය, 2020 යල කන්නය, 2020/21 මහ කන්නය, 2021 යල කන්නය, 2021/22 මහ කන්නය, 2022 යල කන්නය යන වගා කන්නයන් තුල වගා කිරීමට නොහැකි වූ වගා බිම් වෙනුවෙන් වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසා ඇත.

ගොවි ජනතාවගේ ඉල්ලීම ඉටු කරමින් 2026 වර්ෂයේ ජාතික අයවැය මඟින් රුපියල් මිලියන 1,200 ක මූල්‍ය ප්‍රතිපාදන, මෙම වගා කිරීමට නොහැකි වූ වගා බිම් සඳහා වන්දි ගෙවීමට රජය විසින් වෙන් කර තිබෙනවා.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

එමෙන්ම මෙම වන්දි මුදල් ගෙවීමට අවශ්‍යය කටයුතු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව සිදු කරයි.

එහිදී ගොවීන් 5,000 ක් සහ වගා නොකළ ඉඩම් අක්කර 12,800 ක ප්‍රමාණයක් සඳහා වන්දි මුදල් ලබා දෙන අතර ආරම්භයක් වශයෙන් එළැඹෙන 27 දින මාතර, මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් තෝරා ගත් ගොවීන් 250 කට සංකේතවත් වන ආකාරයට වන්දි මුදල් ලබා දීමට නියමිත අතර අනෙකුත් සියලු වන්දි හිමි ගොවීන්ට ඉදිරි දින 14 ඇතුලත අදාළ වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකාර්මික හා ගොවිජ රක්ෂණ මණ්ඩලය දැනුම් දෙයි.

වාහන මිල ඉහළට? - මහ බැංකුවෙන් නිවේදනයක්

වාහන මිල ඉහළට? - මහ බැංකුවෙන් නිවේදනයක්