වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්
මධ්‍යගත ඉලෙක්ට්‍රොකින පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදුකරන ලබන නිවැරදි නොවන දැනුවත් කිරීම් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ මේ වන විට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය පිළිබඳව, එම පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව සහ පද්ධතියට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන වෙනත් පුද්ගලයින් විසින් විවිධ දැනුවත් කිරීම් සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බවයි.
මෙවැනි දැනුවත් කිරීම්වලදී නිවැරදි නොවන තොරතුරු සහ මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතියේ භාවිතය සම්බන්ධයෙන් නිවැරදි නොවන ක්‍රමවේදයන් අදාළ පුද්ගලයින් විසින් සන්නිවේදනය කරනු ලබන බවත් කොමිෂන් සභාවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
මේ හේතුවෙන් කොමිෂන් සභාව හෝ එහි නිලධාරීන් නොවන වෙනත් බාහිර පුද්ගලයින් විසින් සිදුකරනු ලබන එවැනි දැනුවත් කිරීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් වගකීමක් දරනු නොලබන බවත් එම කොමිසම නිකුත් කළ නිවේදනයෙන් දන්වා ඇත.
ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව මතු වන ගැටලු පිළිබඳව කොමිෂන් සභාවේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587284 යන දුරකථන අංක මඟින් පමණක් නිරාකරණය කර ගත හැකි බවත් ඒ අනුව මහජනතාව අදාළ දුරකථන අංක අමතන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියි.