ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙන බව වාර්තා වනවා.
නිලූක කරුණාරත්න අවස්ථා තුනක දී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළා.
එසේම ඔහු ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.
නිලූක කරුණාරත්න විසින් සිය සමුගැනීම නිවේදනය කළේ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (IOC) මූලස්ථානයේ පැවති සංසදයකට එක් වෙමින්.