මුළු නයිජීරියාවම විලාප තියයි - බිහිසුණු අනතුරක් - 50 දෙනෙක් ජීවිතක්ෂයට
නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ ඊයේ(20) දින අධික බර පටවාගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එසේම ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින් බව සඳහන්. ගොරෝනියෝ පළාත් පාලන ප්‍රදේශයේ ගොරාවු අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව ජාතික අභ්‍යන්තර ජල මාර්ග අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු අබ්දුල්කදීර් යූසුෆ් පවසා තිබුණා.
එමෙන්ම ගොරාවු හි භූමදානය කිරීමට පෙර ප්‍රජා පල්ලියක ඉදිරිපස මළ සිරුරු 50 ක් පැදුරු සහ සාම්ප්‍රදායික රෙදිවලින් ඔතා තිබුණු බව වාර්තා විය.
ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න
කෙසේ වෙතත් නයිජීරියාවේ මාරාන්තික බෝට්ටු අනතුරු සාපේක්ෂව සුලභ වන අතර, එහි තදබදය, දුර්වල නඩත්තුව සහ ආරක්ෂක රෙගුලාසි දුර්වල වශයෙන් ක්‍රියාත්මක කිරීම බොහෝ විට රටේ ගංගා සහ ජල මාර්ගවල, විශේෂයෙන් වැසි සමයේදී ව්‍යසනවලට දායක වෙයි.
එමෙන්ම එම බෝට්ටුවේ ගොවිපල හිමියන් සහ වී අස්වැන්න නෙළීමට කුලියට ගත් කම්කරුවන් ගමන් කර ඇති බවත්, එය පෙරළෙන විට 70 කට වැඩි පිරිසක් එහි සිටි බවත් ප්‍රදේශවාසියෙක් පැවසූ බවට තොරතුරු වාර්තා කරයි.
හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා නිදි ඇදේදීම ජීවිතක්ෂයට
මේ අතර තවත් නිවැසියෙකු ප්‍රකාශ කළේ බෝට්ටුවේ පුද්ගලයින් 57 දෙනෙකු සිටි බවයි. එමෙන්ම ළමුන් 40 දෙනෙකුගේ පමණ මළ සිරුරු හමු වූ බව යූසුෆ් පැවසූ බව සඳහන්.
ඊට අමතරව සොකෝටෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ නීති සම්පාදකයෙකු වන නසිරු ආදම් සඳහන් කර ඇත්තේ යානයේ සිටි බොහෝ දෙනා අවුරුදු 10 ත් 15 ත් අතර වයස්වල පසුවන බවත්, 16 දෙනෙකු බේරාගෙන ඇති බවත්ය.