හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා නිදි ඇදේදීම ජීවිතක්ෂයට
හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය මෙන්ම ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වූ ක්‍රිස් ෆර්ඩිනන්ඩ් (Chris Ferdinand) මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මියයන විට ඔහු 81 වන වියේ පසුවූ බව සඳහන්.
බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටි ඔහු, ඊයේ (20) දින උදෑසන අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් ඒ පිළිබඳව තලංගම පොලිසිය දැනුවත් කර තිබෙනවා.
අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී ඔහු සිය නිදි යහන මතම මියගොස් සිටින බව හෙළි වී ඇත.
ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂක ස්ථානීය පරීක්ෂණයක් පවත්වා තිබෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.
එසේම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු, දේහය අවසන් කටයුතු සඳහා ස්විට්සර්ලන්තය වෙත රැගෙන යාමට නියමිත බව තලංගම පොලිසිය පවසයි.