ඊළඟ මැතිවරණය තියෙයිද? නැද්ද? මෙන්න තීරණය
මේ වන විට පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පිළිබඳව බොහෝ දෙනා විමසීම් සිදු කරයි. ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය අපේක්ෂා කරන බවට වාර්තා වේ.
මේ වන විට සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේ කටයුතු දැන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
මේ අතර, නීතිමය ගැටළු විසඳුණු පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දැනටමත් අරමුදල් වෙන් කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලා සිටීම දිගටම සිදුවෙමින් පවතී.