පොලීසිය රට පුරා හොයන රතන හිමිට ලැබුණු නියෝගය

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කරන ලද අතර එය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පැහැරගැනීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීමක් ආරම්භ කර තිබූ පසුබිමක මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වෙඩිහිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙලෙස පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ සදහන් කරන ආකාරයට 2020 මැතිවරණයෙන් පසු රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට හැකි වූයේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඊට අත්සන ලබා ගත් නිසා බව සදහන්.

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

එහෙයින් රතන හිමියන්ට අපේක්ෂිත ඇප ලබාදීමට විශේෂ හේතු නොමැති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කළ අතර ඒ අනුව අපෙක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. අවශ්‍ය නම් භික්ෂුවට අධිකරණයට භාර වී පසුව අත්අඩංගුවට ගතහොත් ඇප ලබාගත හැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න