කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

Report

කාන්තාවක තනිව ජීවත්ව සිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී අයුතු ක්‍රියාවක් කිරීමට ගිය වත්මන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු කාන්තාවන් විසින් පහරදී ගස්බැඳ බෝගස්වැව පොලිසිය වෙත බාර දී තිබේ.

මෙලෙස කාන්තාවන්ගෙන් පහර කෑමට ලක්ව ඇත්තේ වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව පොලිසිය සදහන් කරයි.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

ජනතා විමුක්ති පෙරමුණේ වන්නි දිස්ත්‍රික් කමිටුවේ නිලධාරිවරයෙකු වන මෙම පුද්ගලයා වවුනියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ කාන්තාවක් පමණක් ජීවත් වු නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති අතර නිවෙස් හිමි කාන්තාව නිවසේ පිටුපස දොරින් පැනගොස් කෑ ගසා අසල්වාසීන්ගේ සහාය ඉල්ලා ඇත.

එම අවස්ථාවේදී අසල්වාසී කාන්තාවන් හා ප්‍රදේශවාසීන් පැමිණ මෙම පුද්ගලයා අල්ලාගෙන තිබෙන අතර ඒ වනවිට ඔහු අධික ලෙස මත්පැන් ද පානය කර සිට ඇත. ගම්මානයේ කාන්තාවන් අදාළ පුද්ගලයාට පහරදී ලණුවලින් බැඳ දමා බෝගස්වැව පොලිසිය වෙත භාරදී ඇති බවද ප්‍රදේශවාසීන් පැවැසූහ.

කෙසේ වෙතත් සැකකාර සම්බන්ධීකරණ ලේකම්වරයා බෝගස්වැව පොලිසිය වෙත බාර දී තිබුණ ද ජාතික ජන බලවේගයේ පිරිසක් මැදිහත්වී අදාළ පුද්ගලයා නිදහස් කර ගැනීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ. අවසානයේ පොලිසිය විසින් මෙම පැමිණිල්ල සමාදාන කර ඇත.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න