රෝහලේ වැරැද්දෙන් අලුත උපන් මල් කැකුලේ අත කපයි
By Ashfa
ඉන්දියාවේ, උත්තර ප්‍රදේශය නොයිඩාවිල් පසුගිය ඔක්තෝම්බර් 5 වනදා උපන් දරුවාට ශරීර තත්ත්වය අයහපත් වීම මත කෝපාල් නර්සිං හෝම් හි ප්‍රතිකාර සඳහා ගොස් ඇත.
එහිදී දරුවාට එන්නත් කිරීමෙන් පසුව දරුවාගේ අත නිල් පැහැ වී ඉදිමී ඇත. නමුත් අදාල බලධාරීන් ඊට පිලියමක් හෝ පිළිතුරක් ලබා නොදී අතට වෙළුම් පටි යොදා වෙනත් රෝහලකට රැගෙන යාමට උපදෙස් දී ඇත.
දරුවා මෑතකදී ඉපදී ඇති අතර මෙම සිදුවීමෙන් අතට දරුණු ලෙස හානි වී මේ වනවිට අත කපා ඉවත් කිරීමට තීරණය වී ඇත.
මේ අනුව දරුවාගේ දෙමාපියන් නර්සිං හෝම් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත් අතර පරීක්ෂණ කණ්ඩායමට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන වෛද්‍ය නිලධාරියාට (CMO) පොලිස් ලිපියක් යවා ඇත.