සෝලා විදුලි ඒකකයකට නව ගාස්තුවක් මෙන්න
සූර්ය පැනල සහිත ස්ථාපිත කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා කාලය මත පදනම් වූ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමට රජයෙන් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මෙමඟින් සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට දිරිගන්වයි.
එසේම ඒ ඔස්සේ ඔවුන්ට දිවා කාලයේදී ජනනය වන අතිරික්ත විදුලිය ගබඩා කර සවස එනම් සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරීමට ඉඩ සැලසෙයි.
මේ අතර නව ගාස්තුව බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා ඒකකයකට රු. 45.80ක් ලෙස නියම කර තිබෙන බව වාර්තා වේ.
එසේම මෙම ප්‍රවේශය මගින් විදුලිබල පද්ධතියේ ස්ථායිතාව වැඩි දියුණු කරනවා පමණක් නොව රටේ මිල අධික පොසිල ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය මත යැපීමද සැලකිය යුතු ආකාරයට අඩු කරනු ඇති බව සඳහන්.
එමෙන්ම මෙම නව ගාස්තු යාන්ත්‍රණය පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් මෙරට වඩාත් තිරසාර බලශක්ති අංශයක් වෙනුවෙන් මග විවෘත කරන බවත් නිලධාරීහු පවසයි.