විදුලි ඇමතිගේ සාකච්චාව ගුටි කෙලියක් වෙයි - විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි

Report

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (13) පස්වරුවේ කොළඹ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාව අතරතුරදී වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු ඉවත් කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

එම සාකච්ඡාව අතරතුරදී විදුලිබල අමාත්‍යාංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ආරක්ෂක අංශ ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත මදුකුමාර සහ ලේකම් සමින්ද මාදුගොඩ ගමගේ මහත්වරුන් සාකච්ඡාවෙන් ඉවත් කර ඇත. මෙහිදී විදුලිබල අමාත්‍යාංශයේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සමින්ද මාදුගොඩ ගමගේ මහතාව ඉහළ මහලේ සිට ඇදගෙන ගොස් එළියට දැමූ ආකාරය දැකගත හැකි විය.

වරාය බිමල්ගේ වුණාට කන්ටේනර් නිදහස් කළේ ජනපතිගේ යටතේ තියෙන රේගුවෙන්.. බිමල් වැරදි නැහැ - ඇමති වසන්ත

වරාය බිමල්ගේ වුණාට කන්ටේනර් නිදහස් කළේ ජනපතිගේ යටතේ තියෙන රේගුවෙන්.. බිමල් වැරදි නැහැ - ඇමති වසන්ත

එම පොරබැදීමෙන් තුවාල ලැබූ බව කියමින් සමින්ද ගමගේ මහතා 1990 ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගොස් තිබේ. දෙපාර්ශ්වය අතර සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදී සමින්ද ගමගේ මහතා කිසියම් ලිපියක් අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින්, අමාත්‍යවරයාට ද එම තනතුර දැරිය නොහැකි යැයි පවසමින් විරෝධය පළ කිරීමත් සමඟ ඔහු සහ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස අමාත්‍යවරයා දැන්වීමෙන් පසුව ආරක්ෂක නිලධාරීන් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මෙම සිදුවීම පිළිබඳ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු පැවසුවේ, අමාත්‍යවරයා සුපුරුදු පරිදි ගැටලුවට 'බලමු බලමු' යැයි පැවසීම හේතුවෙන් සමින්ද මහතා ඊට විරුද්ධව අදහස් දැක්වූ බවත්, එහිදී ඔහු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා නිල් පැහැදි නිල ඇඳුමින් සැරසී සිටි විදුලිබල මණ්ඩලයේ ආරක්ෂකයන්ට පැවසූ බවත් ය. එම වෘත්තීය සමිති නිලධාරීන් සාකච්ඡාවෙන් ඉවත් කළ ආකාරය පළිගත නොහැකි බවත්, ඔවුන් ඇදගෙන ආ විදුලිබල මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් ද එම මණ්ඩලයේ සේවකයන් බව මතකයේ තබාගත යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

අනෙක් පාර්ශ්වයෙන් මෙම සිදුවීම පිළිබඳ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී පැවසුවේ, අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනාට එම සාකච්ඡාවට සහභාගිවීමේ අයිතියක් නොමැති වුවද සහභාගිවීමේ අවස්ථාව ලබාදුන් බවත්, ඔවුන් සාකච්ඡාව කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඉවත් කළ බවත් ය.

එම සිදුවීමෙන් පසුව සමින්ද ගමගේ මහතා පැවසුවේ, ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමය ලියාපදිංචි වෘත්තීය සමිතියක් බවත්, ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම නිසා අමාත්‍යවරයාට ලිපියක් භාරදීමට පැමිණි බවත් ය. එහිදී ආරක්ෂක අංශ නිලධාරීන් තමන්ට පහරදීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සමින්ද මාදුගොඩ ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තත්ත්වය විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල කරනු ඇතිද යන්න පිළිබඳව තවදුරටත් අවධානය යොමු වී තිබේ. 

අපේ ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්ණ නෑ ඇමති ලාල්කාන්ත පැහැදිලි කරයි

අපේ ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්ණ නෑ ඇමති ලාල්කාන්ත පැහැදිලි කරයි

ගල්කිස්සේදි පොලිස් නිලධාරියට සද්දේ දාපු තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥව‍රයෙක් ගැන විමර්ශන

ගල්කිස්සේදි පොලිස් නිලධාරියට සද්දේ දාපු තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥව‍රයෙක් ගැන විමර්ශන