නායයෑම් අවදානම කළමනාකරණයට නව ව්‍යාපෘතියක්
රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් පමණ වන කඳුකර ප්‍රදේශය නායයෑම් අවදානමට ලක්වන බව හඳුනාගෙන තිබෙන ඇත. නායයෑම් සිදු විය හැකි කඳු බෑවුම් සහ ඒවායේ ව්‍යාප්තිය මූලිකව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කළ නායයෑම් උපද්‍රව කලාප සිතියම් භාවිතා කරයි.
2023 වර්ෂය වන විට, ශ්‍රී ලංකාවේ නායයෑමේ අවදානමට ලක් විය හැකි බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම සිතියම් සකස් කර තිබේ.
නායයෑමක් ආරම්භ වීමේ ලක්ෂණ පවතින කලාප පමණක් සිතියම් වලින් පෙන්නුම් කෙරේ. නමුත් නායයෑම් අවදානම් කළමනාකරණයේදී, නායයෑම් ආරම්භක කලාපය, සුන්බුන් ගලායන මාර්ගය සහ සුන්බුන් තැන්පත් වන කලාපය ඇතුළුව, නායයෑම මගින් බලපෑමට ලක් විය හැකි සම්පූර්ණ ප්‍රදේශය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙම අවශ්‍යතාවය සලකා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 'නායයෑම ආපදා මගින් බලපෑමට ලක් විය හැකි සමස්ත කලාප (Total Impact Zone) නිර්ණය කිරීම' යන ව්‍යාපෘතිය යෝජනා කර ඇත.
මෙම ක්‍රියාවලිය සඳහා රතු සහ කහ කලාප නිර්ණය කිරීමේ ක්‍රමවේදය භාවිතා කෙරේ. දිවයිනේ නායයෑම් ආපදා අවදානම් අවම කිරීමේ කඩිනම් අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍ය ලෙස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.