ලසන්ත ඝාතනය පිටුපස ජවිපේ ද? දරුණු චෝදනාවක්
වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම රජයේ මර්දනයේ දෙවන අදියර බවට සැකයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ හිටපු අමාත්‍ය දුමින්ත දිසානායක මහතා පවසා තිබේ.
කොළඹ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් දුමින්ද මහතා,
"වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය අල්ලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා යන්ත්‍රය දැඩි උත්සාහයක් ගත්තා. අපි හැමෝම ඒක දන්නවා. මැතිවරණය අතරතුර සාමාජිකයින් පැහැරගෙන ගියා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුට ඔහුගේ නිවසට වෙඩි තබා තිබුණා. වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ විශාල උත්සාහයක් ගත්තා. නමුත් බැරිවුණා. ඔවුන් මැතිවරණ හරහා එය අල්ලා ගැනීමට උත්සාහ කළ අතර, පසුව ඔවුන් වෙනත් උපක්‍රම භාවිතා කළා. නමුත් බලය විරුද්ධ පක්ෂයට ගිය අතර එහි නායකයා ඝාතනය කර ඇත. මෙය රජයේ මර්දනයේ දෙවන අදියර යැයි අපි සැක කරමු.” පැවසීය.