මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ඇමති නලින්ද ජයතිස්සෙගෙන් තීරණයක්
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ප්යතිස්ස මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"මරණ දඩුවම ගැන රජ්ය තීරණයක් ගෙන නෑ. සාකච්ඡාවක් කරලත් නෑ. සමාප් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා"
යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ. එමෙන්ම පසුගිය දවසක විදෙස් සංචාරයක් අතරතුරේදී ජනපති අනුර කුමාර දිසානායක මහතාගෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමසූ පැනයකදී ඔහුද අදහස් ඉදිරිපත් කර තිබුණි.
එහිදී ජනපති තුමා සඳහන් කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් එයට මූලිකත්වය ගැන ඔහු අත්සන් කළ යුතු බවත් එය මානුෂීය පැත්තෙන් සිතන විට ඉතා අපහසු කාරණාවක් බවත් ඉදිරියට එය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.