ඔටිසම් දරුවන් වෙනුවෙන් රජයේ විශේෂ වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව පසුගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් ඇත.
ඒ අනුව පැන නැගී ඇති අභියෝගවලට මුහුණ දීම පිණිස දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිමසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි දියුණු කිරීමට පස් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
