කොරියන් විභාගය පවත්වන විදිහ වෙනස් වේ - පරණ තැන වෙනුවට අලුත් තැනක්

Report

දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවිණතාවය තහවුරු කිරීමේ අරමුණින්, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කර පවත්වන නවීන පහසුකම් සහිත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් අද (22) විවෘත කෙරිණි.

මෙම මධ්‍යස්ථානය ‘Korean Language Examination Center Ubiquitous-based Test (UBT)’ ලෙස නම් කර ඇති අතර, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. නව මධ්‍යස්ථානය 553/1, නව නුවර පාර, තලාහේන පිහිටා ඇත.

කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු ටැබ්ලට් භාවිතා කරමින් ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කර තිබේ. එම ආයතනයේ ඉල්ලීම මත 2025 වර්ෂය සිට පරික්ෂණ කටයුතු සිදු කිරීමට වැඩි පහසුකම් ඇති නව මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

මෙහිදී එක් සැසියක් සඳහා රැකියා අපේක්ෂකයින් 100 දෙනෙකුට පෙනී සිටීමට හැකි අතර, දිනකට රැකියා අපේක්ෂකයින් 400 දෙනෙකු විභාගයට සම්පාදන කළ හැක. පරීක්ෂණ සඳහා අවශ්‍ය ටැබ් පහසුකම් කොරියානු රජය විසින් ලබා දී තිබේ.

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

E-9 වීසා කාණ්ඩය යටතේ කොරියානු රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා 2004 වර්ෂයේදී කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව, කොරියානු රැකියා වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

මීට පෙර පන්නිපිටිය නගරයේ ගොඩනැඟිල්ලක මෙම විභාග මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලැබේ. 2025 වර්ෂයේ කොරියානු භාෂා පරික්ෂණ සඳහා රැකියා අපේක්ෂකයින් 36,745 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර මෙම විභාගය හෙට (23) සිට 2026 මාර්තු මස දක්වා නව මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.

රජයේ තනතුරු දෙකකට නව පත්වීම් මෙන්න

රජයේ තනතුරු දෙකකට නව පත්වීම් මෙන්න