හානි වූ නිවාසවලට වන්දි දෙන්න විශේෂ ක්‍රමවේදයක්

Report

අයහපත් කාලගුණය නිසා පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසත්, වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානානයක සහ නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදීයි.

දිට්වා සුළි කුණාටුව නිසා හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබූ බව වාර්තා වුණා.

ඒ අනුව මෙවැනි ව්‍යසනයකට ජනතාව නැවත ලක් නොවන ආකාරයට අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ආපදාවෙන් විනාශ වූ රථ වාහන ලිය කියවිලි යළි සකසන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ආපදාවෙන් විනාශ වූ රථ වාහන ලිය කියවිලි යළි සකසන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

එමෙන්ම මෙහිදී නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පෙන්වා දුන්නේ නායයෑම් හේතුවෙන් නිවාස 1289ක් පූර්ණ හානියට සහ නිවාස 44,574ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බව දැනට සිදුකරන ලද සමීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි.

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වුණා.

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ආපදා නිසා තවත් නරක ආරංචියක්

ආපදා නිසා තවත් නරක ආරංචියක්