මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාදීමට නව ක්‍රමවේදයක්

Report

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රජයේ රස පරස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මත්ද්‍රව්‍ය නඩු සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීමේ නව තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.

බන්ධනාගාරවල සිරකරුවන් සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය නඩු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා නඩු කල්ගියමින් පවතින බවත්, එය වළක්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු විසඳීමට ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බවත් සඳහන් කළේය.

කබ්රාල්ගේ නඩුව ඉල්ලා අස්කර ගත් ආකාරය සබ්රි පැහැදිලි කරයි

කබ්රාල්ගේ නඩුව ඉල්ලා අස්කර ගත් ආකාරය සබ්රි පැහැදිලි කරයි

“පෙර රජයන් මේ වැදගත් දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුදල් වෙන් කළේ නැහැ. නිලධාරීන් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ වන විටත් කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 50ක් බඳවා ගැනීමේ කටයුතු අවසන් අදියරේ පවතිනවා. රසායනාගාර උපකරණ, ඩිජිටල් දත්ත පද්ධතිය සංවර්ධනය, දුර බැහැර අධිකරණවල සාක්ෂි ලබාදීමට වීඩියෝ තාක්ෂණය යොදා ගැනීම වැනි කරුණුත් මේ සාකච්ඡාවේදී සොයා බැලුවා”

යයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

රජයේ රස පරීක්ෂක සන්ධ්‍යා රාජපක්ෂ මහත්මිය දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය හා අනාගත සැලසුම් පිළිබඳව සාකච්ඡාවට එක්ව පැහැදිලි කිරීම් කළාය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මේ සාකච්ඡාවට සහභාගි වූහ.

මත්ද්‍රව්‍ය නඩුවල විමර්ශන හා නඩු පැවරීම් කඩිනම් කිරීමට මෙම නව ක්‍රමවේදය තීරණාත්මක වනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 

අද රාජිතගේ නඩුවට වුණද මෙන්න

අද රාජිතගේ නඩුවට වුණද මෙන්න