මැගසින් බන්ධනාගාරය කැලඹෙද්දී කුරුවිට බන්ධනාගාරයෙත් නොසන්සුන්තාවයක් තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්

Report

කුරුවිට බන්ධනාගාරය තුළ අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත්ය. කෙසේ නමුත් අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් තත්ත්ය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව සඳහන්ය.

මේ අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර යම් නොසන්සුන්තාවක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම කැඳවා අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කරනු ලැබීය.

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් - තත්ත්වය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා ද යොදවයි

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් - තත්ත්වය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා ද යොදවයි

අද 2න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට සිද්ධ වෙන්න යන දේ මෙන්න - අවදානයෙන් සිටින්නයැයි විශේෂ නිවේදනයක්

අද 2න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට සිද්ධ වෙන්න යන දේ මෙන්න - අවදානයෙන් සිටින්නයැයි විශේෂ නිවේදනයක්