නීතිපති කරන කියන දේ දැනගන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් නීතියක්.

Law and Society Trust Government Of Sri Lanka Law and Order
By Wayomi Feb 10, 2025 11:37 AM GMT
Wayomi

Wayomi

Report

නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බවයි.

නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයෙන් කොටසක් යැයි කී ඔහු ඒ අනුව නීතිපතිවරයා මහ ජනයාට පිළිතුරු දීම රාජ්‍ය පාලනයේ වගවීමේ කොටසක් බවත් අවධාරණය කරනු ලැබුවා.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, සමාජයීය වශයෙන් ඉහළ අවධානයක් යොමු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය වැනි සිදුවීමකදී එහි විත්තිකරුවන් නිදහස් කිරීම ගැන රටට කරුණු පැහැදිලි කිරීමට නීතිපතිවරයාට යුතුකමක් ඇති බවයි.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශ්වසනීයත්වය බිඳ වැටෙන්නේ එවැනි අවස්ථාවල මුනිවත රකින ප්‍රතිපත්තියෙන් යැයි කුමරප්පෙරුම මහතා සඳහන් කළා.

එක්වරම ඩොලරයට සහ රුපියලට සිදු වූ දේ. - ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනට මෙන්න.

එක්වරම ඩොලරයට සහ රුපියලට සිදු වූ දේ. - ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සටහනට මෙන්න.


You may like this video

 

ReeCha