නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කෙරේ..සියලු දෙනාට විශේෂ පණිවුඩයක්.

Sri Lanka Litro Gas New gas silinder
By Aruna Dec 06, 2021 08:31 AM GMT
Aruna

Aruna

Report

ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලිට්‍රො සමාගම වෙළෙඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩර දැක්වෙන අයුරුය. මේ අතර ගෑස් කාන්දු නිසා සිදු වූ පිපිරීම් පිළිබඳ සිද්ධි කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම අදත් වාර්තා වුණි.

ගාල්ල තල්ගම්පළ ප්‍රදේශයේ නිවසක ඊයේ (05) පස්වරුවේ ගෑස් ළිප පුපුරායෑමක් සිදුව තිබේ.

පන්නල හෙට්ටිරිප්පුව ප්‍රදේශයේ නිවසක ගෑස් ළිපයක් ද ඊයේ පස්වරුවේ පුපුරා ගොස් ඇති අතර කිසිවෙකුටවත් හානි සිදුව නැහැ.

මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් ළිප ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී එය පුපුරා ගිය බව නිවැසියන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now