වැඩිවෙන විනාඩි 30ට අපිට වැඩිපුර පඩි දෙන්න - ගුරුවරු සැර දායි

Ministry of Education Education Latest Headlines Teachers Sinhala news
By Ashfa Jul 26, 2025 05:19 AM GMT
Ashfa

Ashfa

Report

පාසල් පැවැත්වෙන කාලසීමාව විනාඩි 30කින් දීර්ඝ කිරීම පිළිබඳ රජය පියවර ගන්නේ නම්, එය ගුරුවරුන්ට අමතර රාජකාරි හා වගකීම් බරක් වෙන බවත්, එයට සරිලන ලෙස වැටුප් වර්ධනයක් ලබාදිය යුතු බවත් ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය අවධාරණය කරයි.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පැවසුවේ,

"විනාඩි 30ක කාලයක් දිගු වීමෙන් දින 20ක් යන මාසික සේවා කාලයට පැය 10ක අමතර සේවයක් එකතු වේ. එය ගුරුවරුන්ගේ වැටුපට සෘජුව බලපාන ප්‍රවණතාවයක්" යන්නයි.

හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව

හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව

අදාළ යෝජිත වැඩපිළිවෙල මගින් ඉගැන්වීම් කාලය දිගු වුවද, එයට සමාන්තරව ගුරුවරුන්ගේ වැටුප සාධාරණව වැඩි කළ යුතු බවද, එය අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් ක්‍රියාත්මක කළ යුතු බවද විජේරත්න මහතා අවධාරණය කළේය.  

ReeCha