ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය UAE හිදී
ආසියනු ක්‍රිකට් කවුන්සලය අද (26) නිවේදනය කළේ 2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බවයි.
මේ පිළිබඳ අවසන් තීරණය ගෙන ඇත්තේ පසුගියදා බංගලදේශයේ ඩකාහි පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) රැස්වීමේ දී. තරගාවලියේ නිල තරග කාලසටහන නුදුරේදීම ප්‍රකාශයට පත්කරනු ඇත.
තරගාවලිය සැප්තැම්බර් මස 9 සිට 28 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා රටවල් 8ක් තරගවැදීමට නියමිතය.
මේ සඳහා දැනටමත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටී.
සෙසු කණ්ඩායම් ත්‍රිත්වය වන්නේ ACC ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමානය යි.
මීළගට ඇති ආසන්නම ලෝක කුසලානය 2026 විස්සයි20 ලෝක කුසලානය වන බැවින් එළැඹෙන ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියද විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
